කේරළ ගංජා කිලෝග්රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පුත්තලම පොලිස් විශේෂ කාර්යය බලකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (අගෝස්තු 08) සිදු කළ සෝදිසි කිරීමකදී පුත්තලම, නැදුන්කුලම් ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 2 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කේරළ ගංජා තොගය යතුරු පැදියක් මගින් ප්රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, එම පුද්ගලයා, කේරළ ගංජා තොගය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

