නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අගෝස්තු 09) උදෑසන නච්චිකුඩා මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 3 ක්, තහනම් දැල් 5 ක්, ඩෙටනේටර් 17 ක්, වෙඩි නූල් කැබලි 17 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 8 ක්, පා වරල් යුගල් 8 ක් සහ GPS යන්ත්‍ර 3 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වෙඩිතලතිව් ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.


