අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය මගින් තවත් රණවිරු පවුලක් වෙත නව නිවසක්
අපි වෙනුවෙන් අපි රණවිරු නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද තවත් නව නිවසක් අද (11) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික රණවිරුවෙකු වූ ලුතිනන් උදය ඕවිටිගල මහතාගේ බිරිද වෙත ප්රදානය කෙරිණි.
වේයන්ගොඩ, බදුරගොඩ ප්‍රදේශයේ සියළු, පහසුකම්වලින් යුක්ත වන ලෙස නිමවා ඇති මෙම නිවස, නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදි කර ඇත. මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, අධ්යක්ෂ නාවික සුභසාධක, කොමදෝරු නිලන්ත හීනටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
ලුතිනන් උදය ඕවිටිගල මහතා 1985 වර්ෂයේ මැයි මස 07 වන දින 13 වන නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍ය භට නිලධාරීයෙකු වශයෙන් නාවික හමුදාවට එක් වී ඇත. ලුතිනන් වරයෙකු ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා සාගරවර්ධන නෞකාවේ රාජකාරී කරමින් සිටියදී 1995 වර්ෂයේදී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් සිය ජීවීතය මාතෘ භූමිය වෙනුවෙන් පුද කොට ඇත.





