මෙරට නීති විරෝධී ලෙස රැඳි සිටි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට
නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මරුදමුනායි, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (අගෝස්තු, 11) සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී නින්දවුර් ප්රදේශයේදි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇත.
ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳි සිටි මෙම ඉන්දීය ජාතිකයින් තිදෙනා (03) නින්දවුර් ප්රදේශයේ කුඹුරක අස්වනු නෙලීමේ කටයුතුවල නිරතව සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී. ඉන්දියාවේ තමිල්නාඩු ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 27, 36 ක් සහ 41 ක් වන මෙම පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා සමන්තුරෛයි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

