ගම්පහ නව රණවිරු ස්මාරකය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ.
ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වියුක්තිකයන්ගේ සංගමය විසින් ගම්පහ - ජාඇල මාර්ගයේ ගුවන් පාලම සම්බන්ධවන වට රවුමේ ඉදි කරන ලද නව රණවිරු ස්මාරකය අද (අගෝස්තු, 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් උත්සවාකාරයෙන් නිරාවරණය කෙරිණි.
එහිදී, නාවික හමුදාධිපතිතුමන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වා සිය ආචාරය පුද කරන ලදී. ඉන් අනතුරුව විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පවත්වා අප මාතෘ භූමියේ නිදහස හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරන ලද අභීත රණවිරුවන් හට ආචාරය පුද කෙරිණි.
මෙම අවස්ථාව සඳහා හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වු අද්මිරාල් (විශ්‍රාමික) සිසිල් තිසේරා මහතා, ඇතුළු ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වියුක්තිකයන්ගේ සංගමයේ සාමාජිකයින්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා, සහකාර පොලිස් අධිකාරි, ශ්‍රී ලාල් පෙරේරා මහතා සහ මියගිය රණවිරුවන්ගේ ලඟම ඥාතීන් සහභගිවි සිටියහ.












