‘Mr. Melwa’ ජාතික කායවර්ධන තරඟාවලියේ ජය ශ්‍රී ලංකා නාවික හමුදාවට
‘Mr. Melwa’ ජාතික කායවර්ධන තරඟාවලිය ඊයේ (අගොස්තු, 12) වන දින මීගමුව, නගර සභා ශාලාවේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කිලෝගෑම් 75 බර පංතිය යටතේ තරඟ කළ නායක සංඥා චතුරංග ඩයස් විසින් සමස්ථ තරඟාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් වු අතර, අනු ශුරතාවය කිලෝගෑම් 70 බර පංතියෙන් තරඟ කළ නායක නැවි ප්‍රසන්න සිරිවර්ධන නාවිකයා හිමිකර ගැනිමට සමත් විය.
මෙම තරඟාවලියේදී නාවික හමුදා කණ්ඩායම රන් පදක්කම් 05 ක් දිනා ගැනීමට සමත් විය. ඒ අනුව නායක ඉංජිනේරු කාර්මික නාලක හේමචන්ද්‍ර, නායක නැවි ප්‍රසන්න සිරිවර්ධන, නායක සංඥා චතුරංග ඩයස්, නායක නැවි දිනේෂ් විජේසිංහ සහ ශාරිරික අභ්‍යාස කසුන් දුෂාන්ත පිළිවෙලින් කිලෝගෑම් 65, 70, 75, 85, 85 වැඩි යන බර පංතිවල රන් පදක්කම් හිමි කර ගැනීමට සමත් වු අතර, තරඟාවලියේ ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් ආසියානු කායවර්ධන සාමාජික, කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපති, කැළණිය ප්‍රාදේශිය සභාවේ ලේකම් කපිල කුමාර මහතා සහභාගි විය.
තවද, මෙම අවස්ථාව සඳහා කායවර්ධන සම්මේලනයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු මහතා, මෙල්වා ආයතනයේ සභාපති සහ යුධ, ගුවන් හමුදා ඇතුළු කායවර්ධන ක්‍රිඩකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.






