ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු, 13) පේදුරුතුඩුවට නවික සැතපුම් 18 ක් පමණ උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 04 සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ අනුව අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවර යාත්‍රාව, ධීවරයින් සහ අනෙකුත් භාණ්ඩ කන්කසන්තුරයෙහි පිහිටි ශ්‍රීලංනානෞ උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.


