ශ්‍රීලංකා නාවික හමුදාඅන්තර් ස්කොෂ් තරගාවලිය - 2017
2017 වර්ෂය සඳහා වු ශ්‍රීලංකා නාවික හමුදාඅන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය 2017 අගෝස්තු මස 07 වන දින සිට 11 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී. ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් නිලධාරීන් 35දෙනෙකු හා කාන්තා නාවිකයින් 04 දෙනෙකු ඇතුළුව නාවිකයින් 26 දෙනෙකු සහභාගී වූහ. සමස්ථ තරඟාවලියේ ශූරතාවය ගිණිකොන නාවික විධානය හිමි කර ගත් අතර, අනුශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.
නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ත්‍යාග ප්රදානෝත්සවයේප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර ප්‍රදේශය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මෙරිල් සුදර්ශණ මහතා සහ නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති කාශ්‍යප පෝල් මහතා ඇතුළුනාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සහභාගිවි සිටියහ.













