නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත් ක්ෂණීක ක්රියාකාරි යාත්රා බලඝණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (2017 අගෝස්තු 15) කෝකිලායි සහ කොක්කුතුඩුවායි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ඩිංගි යාත්රා 03 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 100 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්රා සහ අනෙකුත් ආම්පන්න සියල්ල ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

