ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද ( 2017 අගෝස්තු, 17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. නාවික හමුදා සම්මාන ආචාර මුරයක් පිරිනැමිමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදාධිපතිතුමා විසින් පිළිගන්නා ලදී.
එහිදී නාවික හමුදාධිපතිතුමා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත සිය හෘදයාංගම සුභපැතුම් එක් කරන ලද අතර, ඉන් අනතුරුව ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත විය. මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.














