‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතිය මගින් තවත් රණවිරු පවුලක් වෙත නව නිවසක්
අපි වෙනුවෙන් අපි රණවිරු නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද තවත් නව නිවසක් අද (අගෝස්තු 20) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් ප්‍රධාන සුළු නිලධාරී ඩීකේජීඑස් විජේසිරි වෙත ප්රදානය කෙරිණි.
මාතලේ, නාඋල ප්‍රදේශයේ සියළු, පහසුකම්වලින් යුක්ත වන ලෙස නිමවා ඇති මෙම නිවස, නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදි කර ඇත. මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල මහතා, අධ්යක්ෂ නාවික සුභසාධක, කොමදෝරු නිලන්ත හීනටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. එම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් පැලයක් රෝපණය කිරීමට ද කටයුතු කරන ලදී.






