ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකා අමගිරි නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 21) හම්බන්තොට වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘අමගිරි’ නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දකුණු නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.
ඒ අනුව, ජපාන දෙවන ආරක්ෂක ඒකකයේ අණදෙන නිලධාරී, කපිතාන් කෝජි සයිටෝ මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් මිචිඅකි මොරි මහතා දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවී මෙලෙස සුහද කතාබහක නිරත විය. එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් අට්සුහිරෝ මොරොරෙ මහතා ද එක් විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.




