නව පත්වීම් ලද ශ්රී ලංකාවේ නයිජිරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමා හමු වෙයි
ශ්රී ලංකාවේ නයිජිරියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කොමදෝරු ඊ.ඕ. ෆෙරේයිරා මහතා අද දින (2017 අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා හමු විය.
කොමදෝරු ඊ.ඕ. ෆෙරේයිරා මහතා නයිජිරියානු ආරක්ෂක උපදේශක වශයෙන් පත්වීමෙන් පසු නිල වශයෙන් නාවික හමුදාධිපතිතුමන් බැහැ දැකීම මෙහිදී සිදු විය. ප්රථමයෙන් ඔහු වෙත සිය සුභ පැතුම් එක් කිරීමට නාවික හමුදාධිපතිතුමා කටයුතු කළ අතර, ද්වි පාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී ඔවුන් සුහද කතාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.




