නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි
ශ්රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 29) ගුවන් හමුදා මූලස්ථානයේදී, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා හමුවිය.
එහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත ඔහුගේ සුභ පැතුම් පිරිනමන ලද අතර, ඉදිරි කටයුතු වලදී ගුවන් හමුදාවේ නොමද සහාය නාවික හමුදාව වෙත ලබා දෙන බවද සඳහන් කරන ලදී.
දෙපාර්ශ්වය අතර පවතින මිත්රත්වය සහ සුහදත්වය සනිටුහන් කරමින් එහිදී සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.





