නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි
නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 29) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.
එහිදී ආරක්ෂක ලේකම්තුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිතුමන් වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සින්නයියා මහතා වෙත ඔහුගේ සුභ පැතුම් පිරිනමන ලදී. සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා ආරක්ෂක ලේකම් තුමන් හමුවූ එම පළමු නිල හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


