බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතිගරු ජේම්ස් ඩවුරිස් මහතා අද (අගෝස්තු 30) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
ජේම්ස් ඩවුරිස් මහතා මන්නාරම ප්‍රදේශයේ සිදු කළ සංචාරයක් අතරතුර දී මෙලෙස උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවී ඇත. එහිදී එතුමා වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමන ලද අතර, රියර් අද්මිරාල් වික්‍රමසිංහ මහතා විසින් මහකොමසාරිස් තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. සුහද පිළිසඳරකින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. තවද, එතුමා තලෙයිමන්නාරම නාවික කඳවුරේ පිහිටි පැරණි දුම්රිය මාර්ගය සහ ප්‍රදීපාගාරය නැරඹීම සඳහා ද මෙය අවස්ථාවක් කර ගන්නා ලදී.








