මාරාන්තික නොවන අවි පිළිබඳ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස මාලාව (NOLES – 2017) වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාප මැරීන් බලකාය හා එක්ව පසුගිය අගෝස්තු 21 වන දින වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී ආරම්භ කරන ලද මාරාන්තික නොවන ආයුධ භාවිතය සම්බන්ධයෙන් වු ප්‍රායෝගික ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස මාලාව, අද (අගෝස්තු 30) දින සාර්ථක ලෙස නිමාවට පත් විය. එම සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී විය.
දින 09 ක් පුරාවට පැවති මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස මාලාව න්‍යායාත්මක දැනුම, දේශණ, ප්‍රායෝගික දැනුම ඇතුළු විවිධ අභ්‍යාසයන්ගෙන් සමන්විත විය. වැඩසටහනේ මුල් අදියර දේශණයන් වෙනුවෙන් වෙන් කර තිබූ අතර, අවසන් භාගය ප්‍රායෝගික අභ්‍යාස සඳහා වෙන් කර තිබුණි.
මාරාන්තික නොවන අවි භාවිතයේදී අදාළ වන අඛණ්ඩව පිරිස් බලය පවත්වාගෙන යාම, සන්නිවේදන කුසලතා, නිරීක්ෂණය කිරීම, අනුගත වීම, තීරණ ගැනීම සහ එය ක්‍රියාත්මක කිරීමේ (OODA) ක්‍රියාකරකම්, වාහන නිරීක්ෂණ ස්ථාන පවත්වාගෙන යාම, සොයා යෑමේ පරීක්ෂණ මෙන්ම කැරළි මර්ධනය සඳහා මාරාන්තික නොවන ටේසර් (TASER) හා පෙපර් ස්ප්‍රේ (Pepper Spray) තුළින් කැරළි කෝලාහල වල යෙදෙන්නන් ඉතා සාර්ථක ලෙස මර්ධනය කළ හැකි ආකාරය දැක්වෙන අභ්‍යාසයන් මෙහිදී සිදු කෙරිණි. මෙම ප්‍රායෝගික අභ්‍යාස මාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් මෙන්ම නාවිකයන් 140 දෙනෙකු පමණ සහභාගී වී සිටියහ. එක්සත් ජනපද මැරීන් බලකායේ, නිලධාරියෙකු සහ නාවිකයන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් එම ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.
ආරක්ෂණ නීති උල්ලංඝනය කළ පුද්ගලයෙකු රඳවා ගැනීමේ මෙහෙයුම් වලදී ජීනීවා සම්මුතියේ අඩංගු කරුණු අනුව කිසිඳු අත්වැරදීමකට ඉඩක් තැබීමට හෝ කිසිඳු පාර්ශ්වයකට අගතියක් සිදු වීමකට ඉඩක් හෝ නොතබා ක්රමානුකූල ආකාරයකට මෙහෙයුම් ඉටු කරන ආකාරය පෙන්වා දීමද මෙම ප්‍රායෝගික අභ්‍යාස වල එක් අරමුණක් විය.
මෙම ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඇමරිකානු නාවික පුද්ගලයින් සඳහා විවිධ වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා අංගම්පොර බලකාය විසින් ඉදිරිපත් කළ සාම්ප්‍රදායික සටන් සංදර්ශණය, මහනුවර දළදා මාළිගය සහ පින්නවල අලි අනාථගාරය නැරඹීම වැනි චාරිකා ද ඇතුළත් විය.
සමාප්ති උත්සවය අවස්ථාව සඳහා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ජේකොබ් ඉංග්ලිෂ් මහතා සහ තවත් ආරාධිත අමුත්තන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
මෙම මාරාන්තික නොවන අවි භාවිතය පිළිබඳ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයට සමගාමීව පැවැත්වෙන විධායක සම්මන්ත්‍රණය අද (අගෝස්තු 30) දින කොළඹ ගලදාරී හෝටලයේදී ආරම්භ වූ අතර, ඒ සඳහා රටවල් 18 ක් නියෝජනය කරමින් හමුදා සාමාජිකයන් 41 දෙනෙකු, අන්තර්ජාතික රතු කුරුස සංවිධානය නියෝජනය කරමින් සාමාජිකයන් 6 දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් රැසක් ද සහභාගී වේ.

















