සැම්බ්යානු යුද හමුදාධිපති නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
සැම්බියානු යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් පෝල් හිහෝවා මහතා අද (අගෝස්තු 31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා හමු විය. ප්රථමයෙන්, නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් පුදකොට එතුමා පිළිගන්නා ලද අතර, ඉන් අනතුරුව මෙම හමුවීම සිදු විය.
යුද හමුදාව විසින් සංවිධානය කොට තිබූ, කොළඹ ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා ශ්රී ලංකාවට පැමිණ සිටියදී එතුමා මෙලෙස නාවික හමුදාධිපතිතුමන් හමු වී ඇත. අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභ පැතුම් පිරිනැමීමෙන් අනතුරුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.








