රියර් අද්මිරාල් සිසිර ජයකොඩි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල් (පුද්ගල) සහ ප්‍රධාන ජල මානක විද්‍යා නිලධාරී වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් අද (අගෝස්තු 31) විශ්‍රාම යන ලදී.
එතුමාගේ 55 වන උපන් දිනය ද අද දිනට යෙදී ඇති අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ප්‍රධාන නාවික හමුදා අධ්යක්ෂ මණ්ඩලය විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කළහ. ඉන් අනතුරුව නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එතුමා හට විශේෂ සම්මාන මුරයක් මගින් ආචාරයක් ද පුද කරන ලදී. සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් ජයකොඩි මහතා වෙත සමුදීමෙන් පසු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සිය උත්තමාචාර පුද කළහ.
1981 වසරේ දී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ 2 වන නිලධාරී බඳවා ගැනීමට අයත් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ජයකොඩි මහතා මීට පෙර විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.











