යුක්රේනියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ යුක්රේන ආරක්ෂක උපදේශක ඔලෙ හුලැක් මහතා අද (අගෝස්තු 31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා හමු විය.
යුද හමුදාව විසින් සංවිධානය කරන ලද කොළඹ ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා ශ්රී ලංකාවට පැමිණ සිටියදී එතුමා මෙලෙස නාවික හමුදාධිපතිතුමන් හමුවී ඇති අතර, එහිදී නව නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභාෂිංසන පිරිනමන ලදී. ඉන් අනතුරුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


