වැදගත් සිදුවීම්
12 වන බඳවා ගැනීමට අයත් සංස්කෘතික හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසිර යයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාදක අංශයට අනුයුක්තව පුහුණුව ලැබූ 12 වන බඳවා ගැනීමට අයත් සංස්කෘතික හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ නාවිකයන් 34 දෙනෙකු ඊයේ (සැප්තැම්බර් 29) සාර්ථක ලෙස තුන්වන අධියර පාඨමාලාව හදාරා විසිර යන ලදී.
30 Sep 2017
ලුතිනන් කොමාණ්ඩර් අමින්ද කළුපාන ශ්‍රීලංනානෞ ජගතා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ජගතා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් අමින්ද කළුපාන මහතා අද (සැප්තැම්බර් 30) වැඩ භාර ගන්නා ලදී.
30 Sep 2017
සංග්‍රාමික අත්දැකීම් පිළිබඳ ඉදිරිපත් කිරීමක් දකුණු නාවික විධානයේදී

දකුණු විධානයේ නිලධාරීන් සහ නාවිකයින්ගේ සහභාගීත්වයෙන් යුද්ධය පැවති කාල සීමාවේදී මුහුණ දුන් සංග්‍රාමික අත්දැකිම් පිළිබඳ ඉදිරිපත් කිරීමක් ඊයේ (සැප්තැම්බර් 28) බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
29 Sep 2017
නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත ජේකොබ් ඉංග්ලිෂ් මහතා අද දින (සැප්තැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.
29 Sep 2017
තුර්කි තානාපතිතුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති, අතිගරු, ටුන්කා ඌෂුහාදාර් මහතා අද (සැප්තැම්බර් 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.
28 Sep 2017
ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර දියත් විධානය නියෝජිත, නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර දියත් විධානය නියෝජනය කරන, ලුතිනන් කොමාණ්ඩර් රූබන් බ්ලොෆ්ස්යින් මහතා අද (සැප්තැම්බර් 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.
28 Sep 2017
ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී, කෝජි යාගි මහතා අද (සැප්තැම්බර් 28) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමු විය.
28 Sep 2017
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමන් උතුරු මැද නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචිසන් මහතා අද (සැප්තැම්බර් 28) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු ප්‍රියන්ත පෙරේරා මහතා හමුවිය.
28 Sep 2017
යාපනය අර්ධද්වීපයේ අනලතිව් දූපතෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් පසුගිය සැප්තැම්බර් 24 වන දින යාපනය අර්ධද්වීපයේ, අනලතිව් දුපතෙහි අයියනාර් පෙර පාසලෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.
26 Sep 2017
නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්

ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ජාතික රුවල් යාත්‍රා තරඟාවලිය - 2017 (Sailing National Championship - 2017) පසුගිය සැප්තැම්බර් 23 සහ 24 වන දෙදින තුළ බොල්ගොඩ ජලාශයේ දී සාර්ථකව පවත්වන ලදි.
26 Sep 2017