නාවික හමුදා හෙද විදුහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ
කොළඹ, නාවික මහ රෝහලෙහි ස්ථාපිත කර ඇති නාවික හෙද විදුහලෙහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ (2017 අගෝස්තු 31) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී අධ්යක්ෂ නාවික දන්ත වෛද්‍ය සේවා ඩිඑච් කුලරත්න මහතා අතින් සිදුවිය.
මෙය සිව් මහල් ගොඩනැගිල්ලක් වන අතර, එහි ශ්‍රවණාගාරයක්, හෙද විදුහලට අයත් කාර්යාල, පංති කාමර සහ පරිපාලන කාර්යාලයකින් සමන්විත වේ. තවද, නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා යහපත් සෞඛ්‍ය පහසුකම් ලබා දිම සඳහා ඉහළ පුහුණු පාඨමාලාවක් තුලින් සාර්ථක හෙද නිලධාරින් බිහි කිරිම නාවික හෙද විදුහලෙහි කාර්යභාරය වේ.
මෙම අවස්ථාව සඳහා වැ/බ කොමදෝරු සෞඛ්‍ය අධිකාරි (බටහිර), කපිතාන් විශේෂඥ වෛද්‍ය චින්තක විජේදාස මහතා, කපිතාන් දන්ත වෛද්‍ය නිලධාරි (බටහිර), වෛද්‍ය කපිතාන් හේමන්ත කරන්දෙනිය මහතා, අණදෙන නිලධාරි, නාවික මහ රෝහල කොළඹ, කොමාණ්ඩර් (සංඥා) ඇන්ටනි විරසිංහ මහතා, අණභාර නිලධාරි, නාවික හෙද විදුහල, ලුතිනන් සුගත් ගුණවර්ධන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.





