සැම්බ්යානු යුද හමුදාධිපති වැලිසර වෙරළ ආරක්ෂක මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි සංචාරයක
යුද හමුදාව විසින් සංවිධානය කොට තිබූ, කොළඹ ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සැම්බියානු යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් පෝල් හිහෝවා මහතා අද ( 2017 සැප්තැම්බර් 01) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ පිහිටි වෙරළ ආරක්ෂක මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි සංචාරයක නිරත විය.
මෙම අවස්ථාව සඳහා කළමණාකරු, වෙරළ ආරක්ෂක මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ඉංජිනේරු නිලධාරි (සැලසුම්) කොමාණ්ඩර් (ඉ) දිනුක් බෝගහවත්ත මහතා ඇතුළු යාත්‍රා වැඩපලෙහි රාජකාරි නියුතු නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ/ කණිෂ්ඨ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.





