මාරාන්තික නොවන ආයුධ භාවිතය පිළිබඳ විධායක සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාප මැරීන් බලකාය හා එක්ව පසුගිය අගෝස්තු 30 වන දින කොළඹ ගලදාරී හෝටලයේදී ආරම්භ කරන ලද මාරාන්තික නොවන ආයුධ භාවිතය සම්බන්ධයෙන් වු විධායක සම්මන්ත්‍රණය, අද (සැප්තැම්බර් 1) දින සාර්ථක ලෙස නිමාවට පත් විය. එම සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගි විය.
දෙස් විදෙස් පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් දින තුනක් පුරා පැවති මෙම සම්මන්ත්රණ මාලාව තුලින් ඔවුන්ට සාම සහයක ක්‍රියාකාරකම් පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍ය පොදු වේදිකාවක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ලැබුණි
මෙම සම්මන්ත්රණ මාලාවට සමගාමීව වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී මාරාන්තික නොවන අවි ආයුධ භාවිතය පිළිබඳ ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් කීහිපයක් සිදු කරන ලදි. ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපද මැරීන් බලකා සාමාජිකයින් 17 දෙනෙකු සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට මාරාන්තික නොවන ආයුධ භාවිතය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදි. එහි ප්‍රධානතම අරමුණ වූයේ මාරාන්තික නොවන හැකියාවන් ප්‍රයෝජනයට ගැනීම මගින් ජීවිත හා දේපල වලට ඇතිවිය හැකි අලාභහානී වලක්වා ගැනීම සහ කලහකාරී වාතාවරණයන් හමුවේ ඇතිවිය හැකි මානව හිමිකම් උල්ලංගනය වීම් වලක්වා ළීමයි.
මාරාන්තික නොවන ආයුධ පිළිබඳ විධායක සම්මන්ත්රණ මාලාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, රටවල් 18 ක් නියෝජනය කරමින් හමුදා සාමාජිකයන් 41 දෙනෙකු, අන්තර්ජාතික රතු කුරුස සංවිධානය නියෝජනය කරමින් සාමාජිකයන් 6 දෙනෙකු සහ ශ්‍රී ලංකා යුධ, ගුවන් සහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් රැසක් ද සහභාගී විය.













