නාවික හමුදාධිපතිතුමන් ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුවේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (2017 සැප්තැම්බර් 01) ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ දී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුවිය. නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමු වූ පළමු නිල හමුව මෙය වේ.
එහිදී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. එම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සින්නයියා මහතා විසින් ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත සමරු තිළිණයක් ද ප්රදානය කරන ලදී.



