නීති විරෝධී කෘමිනාශක තොගයක් සමග ඉන්දීය ජාතිකයින් 03 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත උතුරු මැද නාවික විධානයට අයත් නෞකාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (2017 සැප්තැම්බර් 01) කුදිරමලෛයි සිට නාවික සැතපුම් 33 ක් පමණ බටහිර දෙසින් වූ මුහුදු ප්රදේශයේදී මෙරටට රැගෙන එමින් සිටි නීති විරෝධී කෘමිනාශක (Ammonium salt of glyphosate) කිලෝග්රෑම් 1125 ක ප්රමාණයක් සමග ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු (03) සහ ඔවුන්ට අයත් ධීවර යාත්රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ අනුව අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්රාව, පුද්ගලයින් සහ අනෙකුත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛයිමන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.


