ඉංගිරිය ප්රදේශයේ සිදුවු තෙල් කාන්දුවීම වැලැක්විමට නාවික හමුදා සහය
ශ්රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් බවුසරයක් ඊයේ (2017 සැප්තැම්බර් 01) මඩල, ඉංගිරිය ප්රදේශයේ දී පෙරලීමෙන් තෙල් කාන්දු වීමකට ලක්ව ඇත. තෙල් කාන්දුවීම හේතුවෙන් කළු ගඟට තෙල් මුසුවී ඇති අතර, එය වැළැක්වීම සඳහා නාවික හමුදා වෙරළාරක්ෂක බලකායට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී විය.
කළු ගඟට තෙල් මුසුවී ඇත්තේ ජලය ගලා යන කානුවක් මගින් වන අතර, එම කානුව අවහිර කිරීමට කටයුතු කර ඇත. වැසි සහිත කාලගුණික තත්වයද නොතකා දැඩි පරිශ්රමයක් යොදමින් කාන්දු වු තෙල් ඉවත් කිරීමේ කටයුතු නාවික හමුදාව විසින් සිදු කරන ලදී. මෙම මෙහෙයුම සඳහා වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් දෙදෙනෙකු (02) සහ නාවිකයින් විසි අටදෙනෙකු (28) මේ සඳහා සහභාගී වි ඇත.





