ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ ලේකම් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ ලේකම් ෆ්රාන්ස් ඇඩම්සන් මෙනවිය අද (සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය. ප්‍රථමයෙන් නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් පුදකොට එතුමිය පිළිගන්නා ලද අතර ඉන් අනතුරුව මෙම හමුවීම සිදු විය.
එහිදී නව නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභ පැතුම් පිරිනැමීමෙන් අනතුරුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතිගරු බ්‍රයිස් හැචීසන් මහතා ද සහභාගී වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.




