වෛද්‍ය රියර් අද්මිරාල් ඊඩබ් ජයසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ නාවික වෛද්‍ය සේවා වශයෙන් රාජකාරී කළ වෛද්‍ය රියර් අද්මිරාල් ඊඩබ් ජයසිංහ මහතා සිය 32 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (සැප්තැම්බර් 04) විශ්‍රාම යන ලදී.
එතුමාගේ 60 වන උපන් දිනය ද අද දිනට යෙදී ඇති අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ප්රමුඛ නාවික හමුදා අධ්යක්ෂ මණ්ඩලය විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කළහ. ඉන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එතුමා හට විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලදී. සහෘද නිලධාරීන් විසින් වෛද්‍ය රියර් අද්මිරාල් ජයසිංහ මහතා වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළහ.
1985 වර්ෂයේ ඉඳුරාම බඳවා ගැනීමට අයත් වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ජයසිංහ මහතා මීට පෙර වෛද්‍ය අංශයේ විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.











