නව නාවික හමුදාධිපතිතුමන් පොලිස්පතිතුමා හමුවෙයි
ශ්රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 04) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා හමුවිය. එහිදී, පොලිස් විශේෂ සම්මාන උත්තමාචාරයක් මගින් නාවික හමුදාධිපතිතුමන් පොලිස් මූලස්ථානය වෙත පිළිගන්නා ලදී.
නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා, පොලිස්පතිතුමන් හමු වූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය. පොලිස්පතිතුමන් විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සුභපැතුම් එක් කළ අතර, කාලීන වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. මෙම අවස්ථාව සංකේතවත් කරනු වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.








