කොරියානු තානාපතිතුමන් නව නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ කොරියානු තානාපති චෑන්, වොන් -සෑම් මහතා අද (සැප්තැම්බර් 04) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා හමු විය.
එහිදී, කොරියානු තානාපතිතුමන් විසින් ශ්රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සින්නයියා මහතා වෙත ඔහුගේ සුභ පැතුම් පිරිනමන ලදී. අනතුරුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


