නාවික හමුදාධිපතිතුමන් ගරු කතානායකතුමා හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 04) ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ගරු, කරූ ජයසූරිය මහතා හමු විය. එම හමුවීම පාර්ලිමේන්තු කතානායක නිල කාර්යාලයේදී සිදු කෙරුණු අතර, නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා, කතානායකතුමන් හමු වූ පළමු නිල හමුව මෙය වේ.
එහිදී, ගරු කතානායකතුමන් විසින් අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභපැතුම් එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. එම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සින්නයියා මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


