නික්ම යාමට නියමිත ශ්රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්රී ලංකාවෙන් නික්ම යාමට නියමිත කොමදෝරු, ශාහ් අස්ලාම් පර්වේස් මහතා අද දින (සැප්තැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා හමු විය.
පළමුව, කොමදෝරු පර්වේස් මහතා විසින් නව නාවික හමුදාධිපතිතුමන් වෙත සුබ පැතුම් එක් කළ අතර, නාවික හමුදාධිපතිතුමන් විසින් එතුමාගේ ධූර කාලය තුළ නාවික හමුදාවට දක්වන ලද සහාය පිළිබඳව එතුමා වෙත සිය ස්තුතිය පිරිනමන ලදී. ඉන් අනතුරුව ඔවුන් සුහද කථාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


