229 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 390 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 229 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 390 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (සැප්තැම්බර් 09) විසිර යන ලදී. පූනෑව, ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, රියර් අද්මිරාල් නිහාල් ප්‍රනාන්දු මහතා සහභාගී විය.
ගරුතර මහා සංඝරත්නය ප්රමුඛ අන්‍යාගමික පූජකවරුන්, නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ උසස් නිළධාරීන් සම්භාවනීය අමුත්තන් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ පවුල්වල සාමාජිකයන් ද එම උත්සව අවස්ථාව සඳහා සහභාගීවී සිටියහ.
ඉතා ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් සමන්විත වූ මෙම විසිරයාමේ පෙළපාලියේදී තම මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්‍රධානෝත්සවයක්ද සිදු කෙරිණි. එහිදී 229 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයා වශයෙන් ආධුනික නාවික ආර්ආර්යූසී රාජපක්ෂ කුසලාන හිමි කර ගන්නා ලදී. සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයා ලෙස ආධුනික නාවික බීඑම් දිල්ෂාන් කුසලාන හිමිකර ගත් අතර, ආධුනික නාවික ජීආර්පීඑම් බණ්ඩාර හොඳම ඉලක්කකරුට හිමි කුසලානයට හිමිකම් කීවේය. මීට අමතරව ආධුනික නාවික එච්පීඩීඑල් ප්රියදර්ශණ හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානය ද ආධුනික කාන්තා නාවික ඩීජීඑස්එම් රත්නායක හොඳම ක්‍රීඩිකාවට හිමි කුසලානයද දිනාගන්නා ලදී.

















