රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදා අපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මෙහෙයුම් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා සිය 32 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (සැප්තැම්බර් 11) විශ්‍රාම යන ලදී.
එතුමාගේ 55 වන උපන් දිනය ද අද දිනට යෙදී ඇති අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ප්රමුඛ නාවික හමුදා අධ්යක්ෂ මණ්ඩලය විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කළහ. ඉන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එතුමා හට විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලදී. සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් ලියනගේ මහතා වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළහ.
1986 වර්ෂයේ ඉඳුරාම බඳවා ගැනීමට අයත් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ලියනගේ මහතා මීට පෙර විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.











