ජාතික ඔලිම්පික් ගිණි සිළුව රැගෙන යාමට නාවික හමුදා දායකත්වය
43 වන ජාතික මහා ක්රිඩා උළෙලට සමගාමීව ජාතික ඔලිම්පික් ගිණි සිළුව දිවයින පුරා රැගෙන යාම පසුගිය දින කීපය තුළදී සිදු කෙරිණි. එම ගිණි සිළුව අම්පාර නගරයේ සිට මාතර දක්වා රැගෙන යන අවස්ථාවේදී ගිණිකොණ නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් හා නාවිකයින් සියඹලාණ්ඩුව නගරයේදී ඔලිමිපික් ගිණිසිළුව ගෙන යමින් එම ජාතික මෙහෙවරට දායකත්වය දැක්වූහ. ප්රදේශවාසීන් විශාල පිරිසක් මග පෙදස රැස් වී එම කටයුත්ත සඳහා සිය සුභ පැතුම් එක් කිරීමට ද කටයුතු කරන ලදී.








