‘Gympo - 2017’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
ශ්‍රී ලංකා යුද හමුදා ඉංජීනේරු බළකාය, ශ්‍රී ලංකා ෆෝවීල් ධාවකයන්ගේ සංගමය හා ශ්‍රී ලංකා ධාවන පැදි කරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධාන කරන 'සැපර්ස් ජිම්පෝ' මොටෝක්‍රොස් 4x4 ශූරතා තරඟාවලිය ඊයේ (සැප්තැම්බර් 10) ඇඹිලිපිටිය තුංකම ශ්‍රී ලංකා ඉංජිනේරු පුහුණු පාසැල් ධාවන පථයේදී පැවැත්විණි.
දෙස් විදෙස් යතුරු පැදි ධාවකයන් මෙන්ම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ තරඟකරුවන් අතරින් යතුරු පැදි අංශයෙන් තරඟ වැදි නාවික හමුදා ධාවක කණ්ඩායම මතු සඳහන් ජයග්රහණයන් ලබා ගනිමින් නාවික හමුදාවට කීර්තියක් අත්කර දීමට සමත් විය.
අශ්ව බල 125 ස්ටෑන්ඩඩ් අංශය
ප්‍රථම ස්ථානය - බල නාවික එම්එන් පෙරේරා
අශ්ව බල 250 ස්ටෑන්ඩඩ් අංශය (පළමු තරඟාවලිය)
ප්‍රථම ස්ථානය - සාමාන්‍ය නාවික ඩීඑම්ඩීඑස්ජේ සඳරුවන්
අශ්ව බල 250 ස්ටෑන්ඩඩ් අංශය (දෙවන තරඟාවලිය)
ප්‍රථම ස්ථානය - සාමාන්‍ය නාවික ඩීඑම්ඩීඑස්ජේ සඳරුවන්
අශ්ව බල 250 රේසිං අංශය (පළමු තරඟාවලිය)
ප්‍රථම ස්ථානය - සාමාන්‍ය නාවික ඩීඑම්ඩීජී සඳරුවන්
අශ්ව බල 250 රේසිං අංශය (දෙවන තරඟාවලිය)
දෙවන ස්ථානය - සාමාන්‍ය නාවික ඩී ඩීඑම්ඩීජී සඳරුවන්
සුපර් මෝටර් ක්‍රොස් ධාවන ශූරයා අංශයා තරඟාවලිය
දෙවන ස්ථානය - සාමාන්‍ය නාවික ඩීඑම්ඩීජී සඳරුවන්














