ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධාන ප්‍රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධාන ප්‍රධානී වශයෙන් කටයුතු කරනු ලබන, ක්ලැයිරී මේට්රවුඩ් මහත්මිය අද (සැප්තැම්බර්11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.
එහිදී මෙට්රවුඩ් මහත්මිය විසින් රතු කුරුස සංවිධානයේ වත්මන් රාජකාරී ස්වභාවය පිළිබඳව නාවික හමුදාධිපතිතුමන් දැනුවත් කළ අතර, අන්‍යේන්‍ය වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව ද ඔවුන් සුහද කථාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් මෙට්රවුඩ් මහත්මිය විසින් නාවික හමුදාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ප්රදානය කරන ලදී.


