ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට සහ ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (සැප්තැම්බර් 11) වන දින නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත. උතුරු මුහුදේ කච්චතිව් දූපතට නාවික සැතපුම් 2 ක් පමණ ඊසාන දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී මොවුන් මෙලෙස අත්අඩංගුවට පත් වී තිබේ.
අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා සහ අනෙකුත් භාණ්ඩ කරෙයිනගර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙතද, ධීවරයින් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙතද රැගෙන එන ලදී. මෙකී ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට පියවර ගෙන ඇත.





