නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය පිළිගැනීම අද
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස පත් වු ගරු තිරුණි සින්නයියා මැතිණිය පිළිගැනීම අද (සැප්තැම්බර් 12) දින නාවික හමුදා මුලස්ථානයේදි සිදුවිය. අද සවස පැවති මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කොට තිබුණේ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනිය ඇතුළු සෙසු සාමාජිකාවන් විසිනි.
නාවික හමුදා පෙරදිග නැටුම් කණ්ඩායම් පෙරටු කොට පැමිණි අභිනව සභාපතිතුමිය පිළිගන්නා ලද්දේ එහි උප සභාපතිනි, සන්ධ්‍ය රණසිංහ මැතිණිය විසිනි. එතුමිය නිලධාරි නිවාසය වෙත කැදවාගෙන එමෙන් අනතුරුව සාමාජිකාවන් විසින් සිය සුභ පැතුම් එක් කිරීම මුලින්ම සිදු විය. අනතුරුව සේවා වනිතා ඒකකය පිළිබඳව හා එහි කාර්යයභාරය පිළිබදව හදුන්වාදිම සිදු කෙරුණී. නව සභාපතිතුමිය විසින් තම ඉදිරි කාර්යයභාරය පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කළ අතර, පිළිගැනිමේ උත්සවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් කෘතඥතාවය පිරිනැමිමද එහිදී සිදු විය.
මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිතුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් ද නාවික හමුදා නිලධාරිනියන් සහ සේවා වනිතා ඒකකයේ කාර්යය මණ්ඩලයේ පිරිසක්ද සහභාගි වි සිටියහ.











