නාවික හමුදාධිපතිතුමන් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 13) කොළඹ අගරදගුරු තැන්පත් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමුවී ආශිර්වාද ලබා ගන්නා ලදී. එම හමුවීම කොළඹ අගරදගුරු නිල නිවසේදී සිදු කෙරිණි.
එහිදී, නාවික හමුදාධිපතිතුමන් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් සමග සුහද පිළිසඳරක නිරත විය. ඉන් අනතුරුව, නාවික හමුදාධිපතිතුමා ප්රධාන සමස්ථ නාවික හමුදාවට එතුමාගේ ආශිර්වාදය පිරිනැමූ අතර, එම අවස්ථාව සනිටුහන් කරනු වස් නාවික හමුදාධිපතිතුමා විසින් කාදිනල් රංජිත් පියතුමන් වෙත සමරු තිළිණයක් ද ප්රදානය කරන ලදී.




