කිඹුලෙකු විසින් ඩැහැගන්නා ලද විදේශිකයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ
කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් සිටි විදේශික පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව අද(සැප්තැම්බර් 14) කටයුතු කරන ලදී. පොතුවිල් පොලීසිය විසින් සිදු කළ දැනුම්දීමකට අනුව මෙම කර්තව්‍ය සඳහා ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා ක්ෂණික මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයේ (4 RU) නාවිකයන් පිරිසක් එම ස්ථානය වෙත කඩිනමින් යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
පොල් මැක්ලීන් නමැති 24 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන එම පුද්ගලයා පානම, ආරුගම්බේ ප්‍රදේශයේ ‘එලිපන්ට් රොක්’ නම් ස්ථානයෙන් දියට බැස ඇති අතර, එහිදී කිඹුලෙකු විසින් ඔහු ඩැහැගෙන ගොස් ඇත. ඒ අනුව අදාල විදේශිය ජාතිකයා සෙවීමේ කටයුතු වල නිරත වූ නාවික පුද්ගලයින් විසින් ඔහුගේ මෘත දේහය අද (සැප්තැම්බර් 15) උදෑසන සොයා ගැනීමට සමත් වී ඇත. එම මෘත දේහය පානම පොලීස් ස්ථානය වෙත භාර දී ඇති අතර, එම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.




