සාර්ථක නාවික පුහුණු අභ්‍යාසයකින් පසු සයුර සහ සාගර නෞකාවන් යලි දිවයිනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වසර දෙකකට වරක් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට (Sri Lanka India Naval Exercise - SLINEX 2017) සහභාගී වීම සඳහා පසුගිය සැප්තැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සාගර යන නෞකාවන් අද (සැප්තැම්බර් 17) එම පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් දිවයිනට ලඟා විය. එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව සයුර නෞකාව ත්‍රිකුණාමලය නාවික තඨාකංගනය වෙත පිළිගන්නා ලද අතර, සෝදිසි මෙහෙයුමකින් අනතුරුව සාගර නෞකාව ද ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණීමට නියමිතව ඇත.
එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සහ ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් සහ ධජ නිලධාරී නාවික දියත් විධානය විසින් සයුර නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ලසන්ත ගමගේ මහතා හමුවී පුහුණු සංචාරයේ ප්‍රගතිය පිළිබඳ සුහද පිළිසදරක ද නිරත විය.
එම ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය සැප්තැම්බර් මස 07 වන දින සිට 14 වන දින දක්වා ඉන්දියාවේදී පැවැත්වූ අතර, එමගින් නෞකා ස්ථානගත කිරීම, සමූහයක් වශයෙන් යාත්‍රා කිරීම, පණිවිඩ හුවමාරුව, නෞකා අතර පුද්ගලයින් හා භාණ්ඩ හුවමාරු කිරීම සහ හෙලිකොප්ටර් පුහුණු අභ්‍යාස පැවැත්විණි.








