ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 19) අළුයම ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතී විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේ මුර සංචාරක රාජකාරී කටයුතුවල නිරත ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම, රණජය සහ එඩිතර II ඇතුළු වේග ප්‍රහාරක යාත්‍රාවලට අනුයුක්ත නාවිකයන් විසින් උතුරු මුහුදු සීමාවේ ඩෙල්ෆ්ට් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් නාවික සැතපුම් 13.6 ක් සහ 10.7 පමණ දුරකදී මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ධිවරයින්, ට්‍රෝලර් යාත්‍රා සහ අනෙකුත් භාණ්ඩ කරෙයිනගර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන එන ලදී. එම ඉන්දීය ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතව ඇත.








