රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කර්නල් දිමිත්රි මහයිලොව්ස්කි මහතා අද (සැප්තැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී, නාවික හමුදා විශේෂ සම්මාන මුරයක් මගින් ආචාරය පුද කර එතුමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව එතුමා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා හමුවිය. එම හමුවේදී ඔවුන් ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.




