ශ්රී ලංකා නාවික හමුදාව සහ පාකිස්ථාන නාවික හමුදා නියෝජිතයන් අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී
ශ්රී ලංකා නාවික හමුදා සහ පාකිස්ථාන නාවික හමුදා නියෝජිතයින් අතර පවත්වනු ලැබූ ප්රථම මාණ්ඩලික සාකච්ඡාව ඊයේ (සැප්තැම්බර් 18) කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා මෙහි ප්රධානත්වය දරණ ලද අතර, ශ්රී ලාංකික නියෝජිත පිරිසට නිලධාරීන් 10 දෙනෙකු ඇතුළත් විය. පාකිස්තානය වෙනුවෙන් කොමදෝරු මසූඩ් කූර්ෂිඩ් මහතාගේ ප්රධානත්වයෙන් යුත් නිලධාරීන් 4 දෙනෙකු සහභාගී විය. මෙහිදී, ප්රධාන වශයෙන් මෙහෙයුම් ක්රියාකාරකම්, තාක්ෂණික හැකියාව සහ පුහුණු කටයුතු පිළිබඳව අදහස් හුවමාරු කෙරිණි.
මෙමගින්, දෙරටෙහි නාවික හමුදාවන් අතර අවබෝධය වර්ධනය කර ගැනීම තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු කරන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මින් ඉදිරියට සෑම වසරක් පාසාම දෙරටේ නාවික හමුදාවන් අතර මෙම මාණ්ඩලික සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව, දෙරට අතර මීළඟ මාණ්ඩලික සාකච්ඡාව ලබන වසරේ (2018) සැප්තැම්බර් මස පාකිස්තානයේදී පැවැත්වීමට බලාපොරොත්තු වේ.





