නාවික හමුදාව විසින් කැස්බෑවන් සිව්දෙනෙකු බේරා ගැනේ
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (සැප්තැම්බර් 21) මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේ මුර සංචාරයේ යෙදි සිටියදී ධිවරයින් විසින් මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා දැලක පැටලි සිටි කැස්බෑවන් සිව්දෙනෙකු (04) බේරා ගෙන ඇත.
දැලෙහි පැටලි සිටි කැස්බෑවුන් නිරික්ෂණය කළ නාවිකයින්, ඔහුන් මුදවා ගැනීමට පියවර ගෙන ඇත. කැස්බෑවුන් පස්දෙනෙකු (05) එහි පැටලි සිට ඇති අතර, ඒ වන විටත් එක් කැස්බෑවෙකු මරණයට පත්ව ඇත. සාමාන්‍ය ශරීර ප්‍රමාණයකින් යුතු මෙම කැස්බෑවන් නැවත මහ සයුර වෙත මුදා හැරීම සඳහා නාවික හමුදාව කටයුතු කරන ලදී.


