නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැළැක්විම පිළිබඳව පුහුණු පාඨමාලාව වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, එක්සත් ජනපද මැරීන් බලකාය හා එක්ව පසුගිය සැප්තැම්බර් 11 වන දින වැලිසර පිහිටි ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේදී ආරම්භ කරන ලද නිවාරණ වෛද්‍ය සහ හදිසි අනතුරු වැළැක්විම පිළිබඳ විෂය කරුණු හුවමාරු පාඨමාලාව අද (2017 සැප්තැම්බර් 22) දින සාර්ථක ලෙස නිමාවට පත් විය. එම සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, අධ්යක්ෂ නාවික ගොඩබිම් මෙහෙයුම් කොමදෝරු උදේනි සේරසිංහ මහතා සහභාගි විය.
දින 12 ක් පුරා පැවති මෙම පාඨමාලාව පුහුණුකරුවන් පුහුණු කිරීම (Training of Training) සඳහා සහ උපක්රමික සංග්‍රාමික කටුයුතු වලදී ඇතිවන අනතුරු සඳහා පුහුණුව වශයෙන් කොටස් දෙකකින් (02) සමන්විත විය. තවද, විශාල ආපදා සහගත තත්වයකදී, මානුෂිය සහන මෙහෙයුම් වලදී සහ වෙනත් හදිසි තත්වයන් යටතේ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව පුහුණුවක්ද මෙම පාඨමාලාවට සම්බන්ධ වූ පුද්ගලයින් හට ලබා දීමට කටයුතු කරන ලදී.
මෙම පුහුණු පාඨමාලාව සඳහා මැරීන් බලකාය, විශේෂ යාත්‍රා බලඝණය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සහ වෛද්‍ය අංශයේ නාවිකයින් ඇතුළුව 70 දෙනෙකු මේ සඳහා සහභාගි වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරාධනය පරිදි ඉන්දීය සන්නද්ධ හමුදා වෛද්‍ය සේවා පුද්ගලයින් කණ්ඩායමක්ද සහභාගි විය.








