වැලිසර ඉදිකරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ
වැලිසර පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය අද (සැප්තැම්බර් 22) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතින් විවෘත කරන ලදී. ජ්‍යෙෂ්ඨ නාවිකයින් සඳහා ඉදිකරන ලද මෙම නිවාස සංකිර්ණය නිවාස 08 කින් යුක්ත වන අතර, නවීන පහසුකම්වලින් සහ නිවසකට අවශ්‍ය සියළු උපකරණවලින් වලින් සමන්විත වේ.
නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වය මත නාවික හමුදාව සතු පිරිවැය උපයෝගි කර ගනිමින් මෙම සිව් මහල් නාවික විවාහක නිවාස සංකිර්ණය ඉදි කරන ලදී. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමා විසින් පැලයක් රෝපණය කිරීමද එහිදී සිදු කරන ලදී.
මෙම අවස්ථාව සදහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, තිරුනි සින්නයියා මහත්මිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා සහ අධ්යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම නිවාස හිමි නාවිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් ද සහභාගී වී සිටියහ.











