නාවික හමුදා කිමිදුම් නාවිකයින් දියයට නොපුරණ ලද පුපුරණ ද්‍රව්‍ය ගොඩගැනීමේ පුහුණුව - 2017 සාර්ථක ලෙස නිමා කරයි
එක්සත් ජනපද නාවික හමුදාවේ 5 වන පුපුරණ ද්‍රව්‍ය නිෂ්කාශන ජංගම ඒකකයේ සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් හට පවත්වන ලද දියයට නොපුරණ ලද පුපුරණ ද්‍රව්‍ය ගොඩගැනිමේ පුහුණු වැඩසටහන ඊයේ (2017 සැප්තැම්බර් 22) දින සාර්ථක ලෙස නිමාවට පත් විය.
පසුගිය සැප්තැම්බර් 04 වන දින සිට 22 වන දින දක්වා ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව මෙම පුහුණු වැඩසටහන පවත්වන ලදී. දින 19 ක් පුරා පැවති මෙම පාඨමාලාවේ මුලික අරමුණ වුයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් නාවිකයින්ගේ විශ්වාසය ගොඩනැගීම සහ දැනුම වර්ධනය කිරීමයි. පාඨමාලාව සඳහා සහභාගි වූ නාවිකයින් හට සහතිකපත්‍ර පිරිනැමීම නැගෙනහිර ප්‍රදේශය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු මෙරිල් සුදර්ශණ මහතා, විධාන කිමිදුම් නිලධාරි (නැ), කපිතාන් ක්‍රිෂාන්ත අතුකෝරල මහතා සහ එක්සත් ජනපද නාවික හමුදාවේ 5 වන නොපුරණ ලද පුපුරණ ද්‍රව්‍ය නිෂ්කාශන ජංගම ඒකකයේ ලුතිනන් ඇන්ඩෲ හේමන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.







